දෙවැනි තැඹිලි ගම ඇරඹෙයි

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගාකිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) එම වැඩසටහන පැවැත්වූ අතර මෙම ගම්මාන තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතින බව සහ ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් අපේ රටේ නිෂ්පාදනය කෙරෙන තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බවයි.

ඒ අනුව තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ දී වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයක් බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි වේ. එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේ දී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලෙස පොල් සංවර්ධන මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට ලබා දීලා තියෙන්නේ. එමෙන්ම දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක අප රටේ තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1,500 සිට 2,000 දක්වා වැනි මුදලකටය. අපේ රටේ තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැත. දැන් තරගය පවතින්නේ අප රටේ ව්‍යාපාරිකයින් අතරය. වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කරනවා. දැනට අප රටට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1,000ක් වැනි අඩු මුදලකි. මෙම ප්‍රමාණය රුපියල් 2,000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළා. ඉදිරියේ දී අප රටේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්තයි. දැනටත් ලෝකයේ ඇති ඉහළ ඉල්ලුමෙන් සියයට 02ක්වත් අපිට දෙන්න බැහැ. ඒ නිසා තැඹිලි වගාව රටපුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස තමන් පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නා…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles