ඉස්ලාම් පල්ලි 2500කට රට ඉඳි බෙදා දෙයි

සෞදි අරාබි රාජ්‍යයෙන් මෙරටට පරිත්‍යාග කළ රට ඉඳි, මෙරට ඉස්ලාම් පල්ලි වෙත සංකේතවත් ලෙස ලබා දීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

මෙරට ලියාපදිංචි ඉස්ලාම් පල්ලි 2500 ක් තිබෙන බැවින් එක් පල්ලියක් සඳහා රට ඉඳි 20kg ලබා දීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම් ෆයිසාල් හා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles