මීඩියා ක්ලාස් එක ක්ලාසි කරන්න Lankaline දෙවන වරටත් මැදිහත් වෙයි

Lankaline වෙබ් අඩවිය විසින් සිය දෙවන සමාජ සත්කාරය සඳහා පසුගිය දා(17) මාලඹේ මුල් පියවර තැබුවා.

අවපසට යන මාධ්‍ය සංස්කෘතිය, භාවිතාව, වගකීම එයින් මුදවා ගැනීමට කළ හැකි අපගේ මැදිහත්වීම වෙනුවෙන් අප තෝරාගත්තේ මාධ්‍ය ඉගෙන ගන්නා සිසු දරු දැරියන් හමුවීමයි. ඔවුන් හා සංවාදයක් නිර්මාණය කර ගැනීමයි.

Lankaline – Medialine යනුවෙන් හඳුන්වන එම වැඩසටහන අප මෙවර සිදු කළේ මාලඹේ මිනැස්කෝ උසස් අධ්‍යාපන ආයතනයේ. එහි උසස්පෙළ මාධ්‍ය විෂය උගන්වන මාධ්‍යවේදී Niroshi Dombagahage ගුරුවරියගේ ක්ලාස් එකේදි.

මෙම වැඩසටහන පැය තුනක් පමණ පුරා ඉතා හොඳින් පැවැත්වුණා. සිසු දරු දැරියන් සහ Lankaline අප බොහෝ දේ හුවමාරු කරගත්තා.

එසේ ම සිසු දරු දැරියන්ගේ මාධ්‍යකරණයට ඉඩක් Lankaline වෙබ් චැනල් හරහා ලබා දෙන්නත් අපි ඉඩක් හදාගත්තා.

පහතින් පළ වෙන්නෙ, ඒ අවස්ථාවේ ඡායාරූපමය මතක ප්‍රමාණයක්.

ඔබේ ක්ලාස් එකටත් ඇවිත් කතා කරන්න-සංවාදයක් හදාගන්න-වැඩකරන්න අපි ලෑස්තියි. අපි සමාජයට ආදරෙයි. මාධ්‍යයට ආදරෙයි. ඉතින් අපි මේ දේ කරන්න එන්නෙ කිසිදු අයකිරීමකින් තොරවයි.. ඔබට පුළුවන් අපිට කතා කරලා දිනයක් වෙන් කරගන්න.

දුරකතන අංක – 0714668985/ 0768118311

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles