මලියදේව පළමු ඉනිම අඩපණ කළ සාන්ත ආනා වේගපන්දුව

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 40 වැනි වතාවටත් පැවැත්වෙන “ඇතුගල්පුර මහ සටන ” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ආනා ක්‍රීඩකයන් කඩුළු 3ක් දැවී ලකුණු 133 රැස් කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ආනා නායකයා පළමුව පන්දුවට පහර දීමට මලියදේවයට ආරාධනා කළ අතර ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 119ක් රැස් කර ගැනීමට සමත් වූහ. මලියදේව ඉනිම වෙනුවෙන් දීමත් අරුෂ පන්දු 53කින් ලකුණු 37ක් රැස් කරගැනීමට සමත් විය. සාන්ත අනා පන්දු බලඇණිය හමුවේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට නොහැකි වීම විශේෂත්වයකි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සනුජ නිදුවර සාන්ත ආනාව වෙනුවෙන් ලකුණු 50කට කඩුළු 6ක් දවා ගත්තේ ය.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සාන්ත ආනා පිල දිනය නිමාවන විට කඩුළු දැවී ලකුණු 133ක් රැස් කර ගැනීමට සමත් වී තිබුණි. සාන්ත ආනා පිල වෙනුවෙන් බුද්ධිම නන්දසිරි පන්දු 58කදී 1ක් හයේ පහරක් සමගින් ලකුණු 40ක් රැස්කර ගැනීමට සමත් විය. මේවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටන යස්මින් ජයසුන්දර ලකුණු 30ක් සහ චමිත් සසේන්ජන ලකුණු 28ක් රැස් කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles