ණය ගෙවීම පටන්ගන්න වසර 4ක් කල් දෙයි: චීනය හරහට

ශ්‍රී ලංකාව විසින් ගෙවීමට තිබෙන ණය මුදල් ගෙවීම සඳහා 2028 දක්වා කාලය ලබා දීමට නිල ණය හිමියන් කණ්ඩායම කළ සාකච්ඡාවලදී තීරණය වී ඇතැයි වාර්තා වෙනවා. කෙසේ නමුත් එම පණිවිඩය නිල වශයෙන් ඉදිරි සති කිහිපය තුළ දැනුම් දෙනු ඇති.

ජපානය ඇතුළු ණය හිමියන් චීනය විසින් ශ්‍රී ලංකාවට එල්ල කරන බලපෑම අවම කිරීමට උත්සාහ දරණ බව ද නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

2028 වසරේ සිට 2042 වසර දක්වා මෙරට ණය 2% පමණ නව පොලී අනුපාතයක් යටතේ ආපසු ගෙවීමට පහසුකම් සලසා තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක එම වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකදී පවසා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles