මහබැංකු අධිපතිගේ වහෙං ඔරෝ කතා!

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවලට මුදල් ආයෝජන නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහබැකුව සඳහන් කළ බව පුවත් වාර්තා පළව තිබෙනවා.

කෙසේ වෙතත්, මහබැංකු අධිපතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්නම් ඒවා වහෙං ඔරෝ ලෙස ජනවහරේ හඳුන්වන ප්‍රකාශයි. ඒවායින් මහජනතාවට කිසිදු වැඩක් සිදු නොවෙන බවයි දකින්නට ඇත්තේ.

මෙයට පෙරද බොහෝ වංචනික ආයතනවලට මහජන මුදල් ගරාගැනීමට ඉඩකඩ තිබියදී කිසිවක් නොකර පසුව පුවත්පත් දැන්වීම් පළ කළ බවට මහබැංකුවට චෝදනා එල්ල කෙරුණා. පාර්ලිමේන්තුවේදී පවා මහබැංකු අධිපතිවරයා විවේචනයට ලක් කෙරුණා.

මෙහිදී ද මහා වැඩකරුවෙක් ලෙස බොහෝ දෙනා හැඳින්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෝ මහබැංකුව ඍජුව කිසිවක් පවසන්නේ නැහැ. මහජනතාව ඔවුන්ගේ හතරබීරි කතා තේරුම් ගත යුතු බව ඔවුන් සිතනවාද?

ක්‍රිකට් ක්‍රීඩකයන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පවත්වාගෙන යන ව්‍යාපාර ගණනාවක් මෙරට තිබෙනවා. එයින් අනීතික ලෙස මුදල් එකතු කරන්නේ නම් එය ඍජුව නොකියන්නේ එම අනීතිකයන් මහබැංකුවට වඩා බලවත් නිසාද? අනෙක් අතට ඍජුව මෙම අනීතික ආයතන හඳුන්වා නොදීමෙන් සාධාරණ ලෙස ව්‍යාපාර කරන අයට අසාධාරණයක් වනවා නොවේද?

මහබැංකු අධිපතිවරයා හෝ මහබැංකුවට හැකියාව ඇත්තේ තමන්ගේ වැටුප් කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට පමණක් ද?

මහජනයා දුක්මහන්සියෙන් හරි හම්බ කරන තුට්ටු දෙකට විදින්නට එම තුට්ටු දෙකෙන් වැටුප් ගන්නා නිලධාරීන්ම ඉඩකඩ සලසනවාද?

මේවා ඇසිය යුතු නමුත් බොහෝ දෙනා නාසන ප්‍රශ්න ය. මේවාට උත්තර දීම බලධාරීන් සතු කාර්යයකි.

2 COMMENTS

  1. අනිවාර්යයෙන් .මහබැංකුවට බලය තියෙනවා ඒවාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට නැතුව උන්ට ගරාගන්න දීලා පස්සෙ මොනව කලත් වැඩක් නෑ .මෙයාලට පඩිගෙවන්නෙ ජනතාව නැතුව වගාකරන ක්‍රීඩකයොද කියලා ප්‍රශ්නයක් තියෙනවා.මහබැංකුවට කෙලින්ම නම ආයතනය සම්බන්දව මහජනතාවට දැනුම්දෙන්න යුතුකමක් මෙන්ම වගකීමක් ද තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles