ධාරාණිපාත වර්ෂාවෙන් ඩුබායි ගුවන්තොටුපොළත් යට වෙයි

නොකඩවා ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එක්සත් අරාබි එමිරේට්ස් හි ඩුබායි නගරය ජලයෙන් යට වී ඇතැයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

ඩුබායි ගුවන්තොටුපොළද ජලයෙන් යටවී ගොස් තිබෙනවා. ඩුබායි බලා එන ගුවන්යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා.

දින කිහිපයක් තිස්සේ නොකඩවා වසින වැසි නිසාවෙන් ජන ජීවිතය අඩාල වී ඇති අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක් වසා දමා තිබෙනවා. ඉදිරියටත් වර්ෂාව දින ගණනාවක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා අංශ පෙන්වා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles