කෙහෙළිය වාහන ආපසු දී නැහැ: පවුලේ අය වැලිකඩ එන්නෙත් ඒ වාහනවලින්!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කර දැනට මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍ය ධුරයෙහි කටයුතු කරන විට ලබා දුන් නිල වාහන දෙක තවමත් පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වෙනවා.

විජේරාම පිහිටා ඇති නිල නිවස ද තවම බාර නැති බවත්, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය බැලීම සඳහා පවා පවුලේ සාමාජිකයන් පැමිණෙන්නේ ඇමැති වාහනවල බවත් වැඩිදුරටත් පැවසෙනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත වුවහොත් සියලු වරප්‍රසාද අහෝසි වන තත්වයක කෙහෙළියට අමුතු සැලකීමක් සිදු කරන්නේ මන්දැයි සෞඛ්‍ය අංශ ප්‍රශ්න කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles