විදේශිකයාගෙන් කොත්තුවට 1900ක් ඉල්ලා අඩන්තේට්ටම් කළ කඩහිමියා අත්අඩංගුවට

කොළඹ අලුත්කඩේ වීදි ආහාර අලෙවි කරන ස්ථානයකදී විදේශිකයෙකුගෙන් කොත්තුවක් සඳහා රුපියල් 1900ක් ඉල්ලා සිට විදේශිකයා එය ප්‍රතික්ෂේප කළ පසු විදේශිකයාට එම ස්ථානයෙන් පිටව යන ලෙස බැණ වැදුණු කඩහිමියෙකු කෙසෙල්වත්ත පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ ජාලාවල මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් සංසරණය වීමෙන් පසුව මේ අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

වයස අවුරුදු 51ක් වන සැකකරු කොළඹ 12 පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

ඔහු අද (17) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය කාලය පුරාම මෙවැනි සංචාරකයන්ට නුසුදුසු ලෙස සැලකීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles