මරණ සිදුවුණේ ඖෂධ නිසා – වාර්තාව කියයි

රෝහල් තුළ මත්භේදයට තුඩු දුන් මරණ 06යෙන් 05ක් ඖෂධ ආසාත්මිකතාවන් වලින් සිදු වු බවට ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑත කාලීනව සිදුවූ අන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවයි මේ බව සඳහන් කරන්නේ.

මේ පිළිබඳ තොරතුරු වෛද්‍ය හා රෝගී රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් ප්‍රකාශයට පත් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා.

එසේම මෙම කමිටුව විසින් නව නිර්දේශ කිපයක්ද හදුන්වා දී තිබෙනවා.ඒ ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අලෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් මඟින් රට තුළ භාවිත ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීමයි.

එමෙන්ම අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තාද නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles