රනිල් ජනපති-සජිත් අගමැති යෝජනාවට සජබ අකමැතියි

ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කරමින් ඉදිරි මැතිවරණ සඳහා නැවත එජාපය පිළිසකර කිරීමේ මෙහෙයුමක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණා. මේ පිටුපස ප්‍රබල තානාපති කාර්යාල-කොමසාරිස් කාර්යාල ක්‍රියාත්මක වූ බවයි ආරංචි පළ වූයේ.

එය සාකච්ඡා කෙරමින් තිබුණු කාලයේ එ.ජා.ප සහ ස.ජ.බ එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ල කර ගැනීමට විරාමයක් තබා තිබූ බව පෙනී ගියා. ස.ජ.බ. තිස්ස අත්තනායක වැනි කෙනෙක් හැරෙන්නට නායක මට්ටමේ බොහෝ දෙනා ජනපතිවරයා විවේචනය කළේ නැතුවා සේ ම ජනපතිගේ පාර්ශ්වයද සජිත් විවේචනයට විරාමයක් තබා තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට එම සන්ධානයක් ගොඩ නැගීම අසාර්ථක වී ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසන්නේ. පසුගිය දා එජාපයේ පාලිත රංගේ බණ්ඩාර ඍජුව සජබ තලතා, එරාන්, හර්ෂ වැනි අයට එජාපයට ආරාධනා කළා. එසේ ම අද දිනයේ (20) සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ තනතුරු බෙදාගෙන තරඟ කිරීමට යෝජනා පැමිණියත් තම පක්ෂය ඊට සූදානම් නැති බවයි.

තනතුරු බෙදා දී රනිල් – සජිත් එක් කරන මෙහෙයුම ඒ අනුව අසාර්ථක වීමට වැඩි ඉඩක් ඇති බවක් පෙනී යන බව දේශපාලන ක්ෂේත්‍රයේ තතු දත් අය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles