ගෝඨා දුන් කෝල් එකක් ගැන කාදිනල් හිමිගෙන් අනාවරණයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සමරමින් 21 දා පැවැති වැඩසටහනේදී කාදිනල් මැල්කම් රංජිත් හිමි විසින් විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.

එහිදී ඒ හිමියන් සඳහන් කළේ ජනපති බවට පත් වූ දාට පසු දින ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් තමා ඇමැතූ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම් සහ කමිටු වාර්තා අනුව තමන්ට හිතවත් සංවිධානවල නායකයන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බැවින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන්ට නොහැකි බව ගෝඨාභය විසින් පැවසූ බවයි කාදිනල් හිමි වැඩිදුරටත් කියා සිටියේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අවුල කර දැමීම සඳහා එම විමර්ශන මෙහෙයවමින් සිටි නිලධාරීන් මාරු කර යැවීම සහ තමන්ට හිතවත් නිලධාරීන් පත් කිරීමට හිටපු ජනපති ගෝඨාභය විසින් ගත් පියවර කණගාටුදායක බවද කාදිනල් හිමි එහිදී කියා සිටියා.

එසේම තමන් යැවූ දෙවැනි ලිපියටත් පිළිතුරු එවීමට තරම් වුවමනාවක් නැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවෙන්ද යුක්තිය අපේක්ෂා කළ නොහැකි බව අගරදගුරු හිමි වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles