රුපියල උඩ යයි

අද (24) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 295.25 සහ රු. 305.75 ලෙස සටහන් වෙනවා.

NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 295 සිට රු. 292. 75 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 306 සිට රු. 303.75ක් බවයි සඳහන් වන්නේ.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 296.60 සිට රු. 293.46 ක් සහ රු. 306.64 සිට රු. 303.39ක අගයක් ගෙන තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 295.28 සිට රු. 294.46 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 305 සිට රු. 303.75 ලෙසින් සටහන් වුණා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294 සහ රු. 303,ක අගයක් ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles