මැණික් සොයන්න ගිය පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles