ජපුර සරසවිය අසලින් කෝටි 15ක මත්ද්‍රව්‍ය අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මෙරට මහා පරිමාණ මත් ජාලය මෙහෙයවන බව කියන සිරාන් බාසික් නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන අයෙකු සහ කාන්තාවක රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කොටු කරගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

රුපියල් ලක්ෂ 15ක් සහ මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම ජයවර්ධනපුර සරසවිය අසලදී සිදු කළ බවයි පැවසෙන්නේ. හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝ 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අන්තර්ගත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles