වතු කම්කරු වැටුප් වැඩිකරන බව ජනපති කියද්දී සමාගම් බෑ කියති

ඊයේට යෙදූ තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් වතු කම්කරු වැටුප් රු.1700 දක්වා ඉහළ නංවන බව ප්‍රකාශ කළා. පසුගිය දා වතුකරය ආශ්‍රිතව ජනපතිවරයා කළ සංචාරයේදීද ජනතාව ජනපතිගෙන් පෞද්ගලිකව ඉල්ලා සිටියේ තම වැටුප් වැඩි කර දෙන ලෙසයි.

රජය පාර්ශ්වයෙන් එසේ ප්‍රකාශ කළ ද වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමට හැකියාවක් නැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි පවසන්නේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මෙයට හේතුව බවයි.

පඩි පාලක සභාවේ අනුමැතියට යටත් කම්කරු කොමසාරිස් ජනරාල් විසින් වතු කම්කරු දෛනික වැටුප් ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles