මට වස දුන්නා – හිටපු ඇමැති රොෂාන්

තමා ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් දැනට මාස එකහමාරක පමණ පෙර සිට ක්‍රියාත්මක වූ බව හිටපු ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කරනවා. ඔහුගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැළිය අම්පාර නගර ශාලාවේදී අමතමින් ඔහු මේ බව කියා සිටියා.

තමා ජපානයට ගිය අවස්ථාවේ තමාගේ බහිශ්‍රාවීය පද්ධතිය ක්‍රමයෙන් අක්‍රීය වී ඇරඹී තිබුණු බව පැවසූ හිටුප ඇමැතිවරයා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළා.

තමන්ට ලබා දුන් ආහාර වර්ගයකට විෂ එක් කිරීම නිසා මේ තත්වය ඇති වූ බව ජපානයේදී සිදු කළ පර්යේෂණ මගින් හෙළි වූ බව කියා සිටි ඔහු තමා මරා දමා හෝ බලය රැක ගැනීමට සමහර දේශපාලකයන්ට අවැසි වී ඇති බව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles