ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී තවත් ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද , නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම, “වැඩි අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙහිදී “වැඩි අවධානය” ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජනතාවට විජලනය, ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heat cramp) සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion) ඇති විය හැකි බව ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුලින් ශරීරයේ උෂ්ණත්යව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke) ඇතිවිය හැකි බැවින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles