විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට වාහන පර්මිට් දෙන්න යයි

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතයි.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles