ඩයනාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වෙයි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකුල සුදුසුකමක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

‍ඩයනා ගමගේ අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles