විදෙස් පුරවැසියන්ට මෙරට පක්ෂ ලියාපදිංචි කරන්න පුළුවන් : හිටපු මැ.කෝ.

ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන පුද්ගලයෙකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙරට පුරවැසියෙකු නොවන අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම, මැතිවරණයකට තරඟ කිරිම හා මැතිවරණයකදි ඡන්දය ප්‍රකාශ කිරිම යන කරුණු ශ්‍රී ලංකාවේ නීතිය මඟින් තහනම් කර තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම හිටපු ඇමැතිනි ඩයනා ගමගේ සමඟි ජන බලවේගයේ නාමයෝජනා පත්‍රවලට කිසි දිනෙක අත්සන් කර නැති බවත් ඇය කිසිම දිනෙක අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරිය වී නොසිටි බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා අවධාරණය කරනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඇති කරගත් දේශපාලන සන්ධානය බිඳදැමූ අවස්ථාවේ අපේ ජාතික පෙරමුණ නැමැති පක්ෂය ආරම්භ කළ බවය.

එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් පත් වූ බවත් පසුව ඩයනා ගමගේ ගේ සැමියා එම ධූරයට පත් වු බවත් ඔහු කියා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles