යාපනයේ ඉඩමක ජීව බිම් බෝම්බ

යාපනයේ වේලනෙයි සරවනී ප්‍රදේශයේ ඉඩමක තිබී බිම් බෝම්බ 5ක් ආරක්ෂක අංශ විසින් ඊයේ (08) සොයාගෙන තිබෙනවා.

හමු වී ඇති බිම් බෝම්බ 5ම පීඩන බෝම්බ වන අතර ඒවා ජීව තත්ත්වයෙන් තිබී ඇති බව සඳහන්.

අදාළ ඉඩමේ අයිතිකරු එම බෝම්බ දැකීමෙන් පසුව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා
පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව කයිට්ස් පොලිසිය විසින් කයිට්ස් අධිකරණයෙන් ලබාගන්නා ලද නියෝගයකට අනුව එම බිම් බෝම්බ පහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරින් විසින් පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles