නැවත වාහන ආනයනය කිරීමට රජයේ අවධානය

අදියර 4ක් යටතේ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (08) වාහන ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ වාහන ආනයන සීමා ඉවත් කිරිම හා ඉන් ඇතිවිය හැකි බලපෑම් පිලිබඳ කඩිනම් වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් ලබාගන්නා බවයි.

ඒ අනුව පළමුව පොදු ප්‍රවාහන රථත්, දෙවනුව යතුරුපැදි සහ ත්‍රීරෝද රථත් ගෙන්වීමට මෙම සාකච්ඡාවේදි අවධානය යොමුව තිබෙනවා.

සාමානය මෝටර් රථ සහ අනෙකුත් සුඛෝපභෝගී වාහන ඉන් අනතුරුව ආනයනය කිරීමට අවධානය යොමු වී ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් වාහන ආනයනයේදි සුළු මිල වැඩිවීමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මාන්නගේ පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles