කුලියාපිටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු සිඟිති සහ බිරිඳ ගැන අධිකරණය දුන් නියෝගය

කුලියාපිටියේ තරුණයා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් වන සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (09) කටයුතු කළා.

මුල් අවස්ථාවේදී සැකකරුවන් ට ඇප ලබාදීමට හේතුව වූයේ පොලීසිය ඊට විරෝධය නොපෑම බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ව එළඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කළා.

කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳ වන දිලානි රසිකාගේ ඇප එලෙසින් අහෝසි කෙරුණා.

තවද මියගිය සුසිත් ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ලෙසින් සැලකූ පුද්ගලයා ද එහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අද (09) නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ කරුණු දැක්වීම මත ඇප ලැබූ සැකකරුවන් මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් බැවින් යළි බන්ධනාගාර ගතකරන ලෙස පොලීසිය ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අධිකරණයට ලබාදුන් සැකකරුවන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කළ මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ මෙම සැකකරුවන් අවශ්‍ය නොවන බව පැවසූයේ පොලිසියෙන් නොවේදැයි ප්‍රශ්න කරමින් වහාම කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව කැඳවන ලෙසට නියමකරමින් නඩුව පසුව කැඳවීමට නියම කළා.

යළිත් පස්වරුවේ අදාළ නඩුව කැඳවමින් මුල් අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීමට පොලීසිය විරෝධය නොපෑ හේතුව මහෙස්ත්‍රාත්වරයා විසින් විමසා සිටියා.

පොලිසිය බාරයට ගත් සැකකරු මගින් අනාවරණ‍ය වූ තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් පවතින බවත් ඒ අනුව මෙම සැකකරුවන් අවශ්‍ය බවත් සඳහන් කළ පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.

එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම නඩුවේ 6 වන සැක්කරුව ඝාතනය කළ තරුණයාගේ මළ සිරුර දමා තිබූ පණිරෙන්ඩාව රක්ෂිතය වෙත රැගෙන යායුතු බැවින් ඒ සඳහා අවසර දෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී සෙසු සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටත් , 6 වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් භාරයේ තබා පොලිස් නිලධාරීන් කැටුව ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles