අල්ලස් ගත් පොලිසියේ තුනක් මාට්ටු

අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගත් කොට්ටාව පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරීන් තිදෙනෙක්.

මෙම නිලධාරීන් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්.

සැකකරුවන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles