ප්‍රචණ්ඩත්වයට කලාවෙන් උත්තර දෙන රුෂ්ඩි

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු ග්‍රන්ථයක් 2024 වසරේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සමරු සටහන, “Knife: Meditations After an Attempted Merder”, යනුවෙන් නම් කර ඇති අතර එළඹෙන 2024 වසරේ අප්‍රේල් 16 දින ප්‍රකාශයට පත් කෙරෙන බවටයි වාර්තා පළ වන්නේ.

2022 වසරේ අගෝස්තු මාසයේ නිව්යෝර්ක්හි සල්මන් රුෂ්ඩි හට මෙම පිහි ඇනුම එල්ල ව අතර ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ගොස් ඇති බවද සඳහන්.

එයට හේතුව ඔහු විසින් රචිත ‘The Satanic Verses’ නවකතාව වන අතර ඒ වෙනුවෙන් ඔහු දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී ඇති බවත් බොහෝ මුස්ලිම් රටවල එය තහනම් කළ බවත් විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles