අනියම් පෙමක් නිසා බිරිඳව මැරූ සැමියෙක් අත්අඩංගුවට

යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් තම බිරිඳව ඝාතනය කිරීමේ චෝදනාවට සැමියෙක් අත්අඩංගුවට පත්ව තිබෙන බව යාපනය පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගිය කාන්තාව 23 හැවිරිදි දෙදරු මවක් වන අතර පහරකෑමෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් තිබෙන්නේ.

කාන්තාව මිය යාමෙන් පසුව මෙම සැමියා පලායමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අනියම් සබඳතාවක් හේතුවෙන් මෙලෙස පහර දීම සිදු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles