මැතිව්ස් නියමිත වේලාවට ඇවිත් : ICC නිහඬ වෙලා

ඇන්ජලෝ මැතිව්ස් ආන්දෝලනාත්මක ලෙස දැවී යාම තහවුරු කිරීම පිළිබඳ විනිසුරුවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිල්ලක් ගොනු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ විකාශන දර්ශනවලට අනුව ඔහුගේ හිස්වැසුම් පටිය කැඩීමට පෙර ඇන්ජලෝ මැතිව්ස් crease එකේ සිටි බව තහවුරු වී තිබිමත් සමඟයි.

සිද්ධියෙන් පසුව, තරගයේ සිවුවැනි විනිසුරු Adrian Holdstock ප්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැස්ම කැඩී යාමටත් පෙර නියමිත මිනිත්තු 2ක කාල සීමාව තුළ ඔහු ක්‍රීඩාගාරයට නොපැමිණි බවයි.

මෙම සිද්ධියේදී විනිසුරුවරුන් සැලකිය යුතු වරදක් සිදු කර ඇති බව ඔප්පු වී ඇති බැවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවත් සඳහන්.

ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට බලපෑම් කළේ විනිසුරු Marais Erasmus දැයි විමර්ශනය කරන ලෙසත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ICCයෙන් ඉල්ලා සිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වූව ද ICC සිවුවැනි විනිසුරුගේ ප්‍රකාශයට පටහැනිව ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට ක්‍රීඩාගාරයට පැමිණ සිටි බව පෙන්වා දීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles