දිලිත් ජයවීර දෙරණෙන් ඉවත් වෙයි

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ඔහුගේ සභාපතිත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරණ සියලු සමාගම්වලින් ජනවාරි පළමුදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙනවා.

දෙරණ නාලිකාව පවත්වාගෙන යන පවර් හවුස් සමාගම සහ අරුණ පුවත්පත පවත්වාගෙන යන ලිබර්ටි පබ්ලිෂර්ස් ඇතුළු සමාගම් 24කින් ඔහු ඉල්ලා අස් වී තිබෙනවා.

මෙම ඉල්ලා අස්වීමට හේතුව මව්බිම ජනතා පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහු ගෙන ඇති තීරණය බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු ව්‍යාපාර ලෝකයෙන් ඈත්ව පූර්ණකාලීන දේශපාලනයට යොමුව සිටින බවයි කියැවෙන්නේ. ඔහුගේ මිතුරු ව්‍යාපාරික ධම්මික පෙරේරාද ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂගේ නියෝජිතයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles