චීන නව වසරේ උත්සවශ්‍රීය ලොව පුරා පැතිරෙයි


චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ‍ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරෙනවා. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් වසන්ත උත්සව ප්‍රසංගයට ද ගෝලීය වැදගත්කමක් ලබා දී තිබෙනවා.

1983 වසරේ සිට, චීනයේ ජාතික රූපවාහිනී සේවය වන CCTV නාලිකාව, සෑම චීන සාම්ප්‍රදායික නව වසරක් උදාවන අවස්ථාවේ මෙම මහා කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය චීන ජනතාව හදවතින්ම රසවිඳින මහා සංස්කෘතික මංගල්‍යයක්.

අද (9) රාත්‍රියේ රටවල් 49 ක, නගර 90 ක, 3000 කට අධික පොදු ඩිජිටල් තිරවල මෙම සුවිශේෂ ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකි වෙනවා. ලොව පුරා ප්‍රේක්ෂකයන් චීන වසන්ත උත්සවයේ සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය සහිත මේ මහා සංස්කෘතික මංගල්‍යයේ රසය ද අත්විඳිමින්, උද්‍යෝගිමත් ව නව වසර පිළිගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles