එජාපයට දැනටම ඡන්ද ලක්ෂ 40ක් තියෙනවා: ආශු

මේ වන විට එක්සත් ජාතික පක්ෂය සතුව ඡන්ද ලක්ෂ 40ක් ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසනවා.

ඉදිරියේදී එම ප්‍රමාණය සමස්ත ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් දක්වා වර්ධනය වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

එජාපය නව පිබිදීමක් පෙන්නුම් කරන බවත් වැඩිවැඩියෙන් සමගි ජනබලවේග සාමාජිකයන් තමන් හා එක්වන බවත් පවසන ආශු මාරසිංහ, කුලියාපිටියේ රැස්වීමෙන් පසුව ගම්වල ජනතාවගේ අලුත් පිබිදීමක් හටගෙන ඇති බව කියා සිටියා.

මේ බව ඔහු කියා සිටියේ ඊයේ (12) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles