විද්‍යා ඝාතනයේ වැරදිකරුවෙක් හදිසියේ මරුට

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියක් වූ ශිවලෝගනාදන් විද්‍යා සමූහ දූෂණය කර මරා දැමීමට වරදකරුවකු ලෙස තීන්දු කර මරණ දණ්ඩනය නියමව සිටි පූබාලසිංහම් තවකුමාර් සෙන්දිල් (37) යන අය මිය ගොස් තිබෙනවා.

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඔහු රඳවා සිටි අතර රෝගී තත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර කෙටි වෙලාවකින් මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම දණ්ඩනයට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනය විභාග වෙමින් තිබූ බවයි ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles