ඉස්ලාම් දේවස්ථාන 2453කට විශේෂ ආරක්ෂාවක්

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදා තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙහි දී ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බලකායේ 510ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1,260ක් සමඟින් 7,350කට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා තිබෙනවා.

සෑම පොලිස් වසමකටම අයත් සියලුම ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles