තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළි වෙයි

ඊයේ (16) දිනයේදී හදිසියේ මිය ගිය හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) දිනයේ කළුතර නාගොඩ මහ රෝහලේදී පවත්වා තිබෙනවා.

එහිදී හෙළිදරව් වී ඇත්තේ විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ බරපතළ හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

හිටපු අමාත්‍යවරයා අනතුරට ලක් වූ යටදොළවත්ත ඉඩම පිහිටි ස්ථානය නිරීක්ෂණයට ලක් කිරීමට ද කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක එහි ගොස් තිබුණා.

දේහය අද පස්වරු 3ට පමණ අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාර දීමෙන් අනතුරුව කළුතර පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන යනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් සොව පළ කරමින් දොඩංගොඩ, මතුගම ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ශෝක ප්‍රකාශ බැනර් පළ කර තිබෙන බව වාර්තා වුණා. එසේ ම ශෝකය පළ කිරීම පිණිස මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත ජනතාව ඇදෙමින් සිටින බවද වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles