රාජ්‍ය වතු සේවකයන්ගේ ETF-EPF ගෙවන්න කෝටි 500ක්

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඒ බව පැවසුවා.

සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ඒ සඳහා ගෙවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස ද විශාල මුදලක් වැය වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles