දෙමළ ජනතාව ජනපතිවරණය වර්ජනය කළ යුතු බවට මතයක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රට තුළ විශාල කතිකාවක් මතුව ඇතත් දෙමළ ජනතාව කළ යුත්තේ එළැඹෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීම බව දෙමළ ජනතා මහජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් කියා සිටිනවා.

දෙමළ ජන මනාපය නැතිව මෙරට කිසිවෙකුට ජනපතිවරණ ජය සනාථ කළ නොහැකි බව පක්ෂයේ මතය බව ඔහු පවසනවා.

ඒ අතර ඔහු රාජපක්ෂ ආණ්ඩුවට සහ යහපාලන ආණ්ඩුවට සහය දුන් බව කියමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විවේචනයට ලක් කළා. දෙමළ ජනතාව එම පක්ෂය සහ ප්ලොට්, ටෙලෝ, ඊපීආර්එල්ෆ්, විග්නේෂ්වරන්ගේ පක්ෂය ප්‍රතික්ෂේප කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.

මේ දක්වා බලයට පත් වූ කිසිම ආණ්ඩුවක් දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ගැන කිසිදු තැකීමක් නොකළ බව කියූ මන්ත්‍රීවරයා මීළඟ ජනපතිවරණය දෙමළ ජනයා දැඩිව වර්ජනය කළ යුතු බව කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles