ගෝඨාභය මාව රැවටුවා: අගරදගුරු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බව වාචිකව පොරොන්දු වූ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු එය ඉටු නොකර තමා රැවටූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා.

පාස්කු ඉරිදා කිතුණු දේවස්ථානවලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලට පස් වසක් කල් පිරීම නිමිත්තෙන් කරුණු දැක්වීම සඳහා අගරදගුරු මැඳුරේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී ඒ හිමි මේ බව කියා සිටියා.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් යුක්තිය මේ තාක් ඉටු නොවූ බවත්, විවිධ සැකසංකා සහිත ප්‍රකාශ සමාජගත වී ඇති බවත් ඒවා නිරාකරණය කෙරෙන දේශපාලන බලපෑම් නොමැති යාන්ත්‍රණයක් යුක්තිය වෙනුවෙන් අවශ්‍ය බවත් කාදිනල් හිමියෝ වැඩිදුරටත් කියා සිටියා.

සමගි ජනබලවේගය තමන් බලයට පත් වූ පසු මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන ලිඛිතව ලබා දී ඇති බව සහ මේ ගැන සාකච්ඡා කිරීම සඳහා ජාතික ජනබලවේගය වෙලාවක් ඉල්ලා ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles