ඉරාන අගමැති එන නිසා ශ්‍රී ලංකාවට ඊශ්‍රායල් ගුවන් ගමන් නවතයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමඟ මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අර්කියා ගුවන් සේවාවට අයත් I Z 639 ගුවන් යානය මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට කටුනායක වෙත පැමිණ තිබුණා.

ඊශ්‍රායලයේ සිට සීසෙල්ස් දූපත් වෙත ගමන් කර ඉන්දියානු දූපතකින් විශේෂ ආරක්ෂක උපකරණ හා ආරක්ෂකයන් සමඟ මෙරටට පැමිණෙන මෙම ගුවන් යානයට ඇතුළු වන මඟීන් ගුවන් යානා පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ගුවන් යානයට නංවා ගැනීම සිදු වුණා.

මෙම ගුවන් යානය පැමිණ පිටවන තුරු අනවසර කිසිවකුට එහි ළඟාවීමට නොහැකි වූ අතර අති දියුණු ආරක්ෂක පද්ධතියකින් එයට ඇතුළුවන මඟීන් පරීක්ෂා කිරීම සිදුවූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles