දීමනා නැත්නම් O/L පිළිතුරු පත්‍ර බලන්නෑ!

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරනු ලබන ගුරුවරුන්ට ගෙවන ලද රුපියල් 2000ක දීමනාව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ටත් ලබාදෙන ලෙසත් එසේ නොගෙවන්නේ නම් අද (25දා) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ගුරුවරුන් පිරිසක් ඊයේ දහවල් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විදුහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූ අතර මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ප්‍රධාන මධ්‍යස්ථාන දෙකෙහිම සියලුම ගුරුවරු සහභාගී වී සිටියා. ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා එහිදී මෙම කරුණු සඳහන් කළා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කරනු ලබන ගම්පොළ වික්‍රමබාහු විභාග මධ්‍යස්ථානයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් හයසිය දෙනකු ඊයේ දහවල් පැයක විරෝධතාවක නිරත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles