ඉන්දියාව නැවතත් මෝදිට ද?

ඉන්දීය මහ මැතිවරණය හෙට (19) දා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම මහ මැතිවරණය මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙ අතර හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවන බවත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බවයි පැවැසෙන්නේ.

මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත වී තිබෙනවා.

මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිසම පැහැදිලි කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles