තෙවරප්පෙරුමගේ අවසන් ඉල්ලීමවත් ඉටු නොවන හැඩ

විදුලි සැර වැදීමෙන් මිය ගිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මරණය සමාජයේ මේ වන විට බොහෝ කතා බහට ලක්වී තිබෙනවා.

බහුතරයක් පාහේ ඔහුගේ භාවිතය අගය කරමින් අදහස් පළ කරනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් හිටපු ඇමැතිවරයාගේ අවසන් කටයුතු ඔහු විසින් කලකට පෙර සූදානම් කර තිබුණ බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා තමා වෙනුවෙන් සකසා ඇති සොහොන

සිය සොහොන් බිම ඉදිකර, තමාගේ දෙණ ඔසවාගෙන එන්නන්ට ගෙවීම් පවා සූදානම් කර ඇති බව කියැවුණා. කෙසේ වෙතත් ඔහුගේ අවසන් කැමැත්ත වී තිබුණේ තම මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත ඉටු කරන ලෙසයි.

එම කාලය දැනටත් ඉක්ම ගොස් තිබෙන අතර ඔහුගේ අවසන් කැමැත්ත ඉටු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ඥාතීන් සහ වගකීම දරණ අය එකඟතාවකට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles