ඉන්ධන මිල අඩු කෙරෙන ලකුණු

මිල සූත්‍රය අනුව මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉන්ධන මිල පහළ දැමෙනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ තත්වය එයට සාධක වන බව පැවසෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කිහිපයක මුවවිට ආණ්ඩුවේ ජනතා සහන ලබා දීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඉන්ධන මිල මැයි මස සිට පහළ දමනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles