සෞඛ්‍ය සේවයේ විදෙස්ගතවීම් ගැන අනාවරණයක්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී තිබෙනවා.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවල්වලට වන අතර ඔවුන්ට මතු වූ ආර්ථික ගැටලු විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

තවද පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බව ලේකම්වරයා සඳහන් කර තිබුණා.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles