උමා ඔය ව්‍යාපෘතියෙන් වන පාඩුව ඇමැති කියයි

දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් සිදු වී තිබෙන බව විදුලි බල ඇමැති පවසනවා.

එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ.

සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles