සරණාගත කඳවුරේ උපන් නාලනීට ඉන්දියාවේ ඡන්ද බලය

ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇයගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

සරණාගත කඳවුරේ රැඳී සිටි පිරිසෙන් 1950 සිට 1987 දක්වා කාලය අතරතුර උපත ලැබූ පිරිස සඳහා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් අයඳුම් කිරිමේ අවස්ථාව ලබාදීමට ඉන්දීය රජය තීරණ කර තිබුණා.

කෙසේවෙතත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරීම වෙනුවෙන් නාලනී 2022 සැප්තැම්බර් මාසයේදී මදුරාසි මහාධිකරණයට අයදුම් කර අතර එහිදී දිල්ලි රජය ඇය ඉන්දියාවේ උපත ලැබු අයෙකු බැවින් ඡන්ද භාවිත කිරීම සඳහා හැකියාව පවතින බවට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව නාලිනී, තිරුචි ලෝක් සභා මැතිවරණ කොට්ඨාසයට අයත් තිරුචි නැගෙනහිර සභා බල ප්‍රදේශයේ ඡන්ද දායකයෙක් ලෙස ලියාපදිංචි වී ඇති අතර මදුරාසි මහාධිකරණයේ යොමු කළ නඩුවෙන් ඇය ජය ගෙන තිබුණා.

ඒ අනුව 38 හැවිරිදි නාලිනී ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමුවැනියා බවට පත්වූ අතර නාලීන ඊයේ සිය පළමු ඡන්දය භාවිත කිරීම තිරුචි දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකීය සරණාගතයින් සඳහා වූ කොට්ටපත්තු කඳවුරේ ශාන්ත ලූර්ඩ්ස් ප්‍රාථමික පාසලේදී සිදු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles