අවුරුදු 13ක දැරියක් ගැබ්ගැනීම : කායික එක්වීමක ලකුණු නෑ

කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වෙනවා.

ඊයේ (19) විශේෂ විමර්ශනයක් ආරම්භ කිරිමෙන් පසුව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය විසින් මේ පිළිබඳ අනාවරණය කර තිබෙනවා.

මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා ඇති බවට අනතුරුව තොරතුරු අනාවරණය වූ බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා තිබුණා.

පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් දැරියගෙන් ප්‍රශ්න කර ඇතත්, ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නොමැති බවයි.

කෙසේ වෙතත් දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles