ජනපති වෙන්න ගිය විජේදාසට මන්ත්‍රීකමත් නැති වෙන ලකුණු

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය පසුගිය දා ලබා ගත්තා. කෙසේ වෙතත්, මේ වන විට එම ධුරය අධිකරණ වාරණයකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වී, එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා යටතේ රටේ ප්‍රධාන ඇමැති ධුරයක් දරමින් වෙනත් පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය පසුබිම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මැතිවරණයට තරඟ කර ඇති පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින් ඔහු පක්ෂයෙන් නෙරපූ පසු මන්ත්‍රී ධුරය අහිමි වෙනවා.

පසුගිය දා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙන් ඉවත් කළ නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරයද එලෙස අහිමි වුණේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින්.

ඊයේ (24) ජනපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී බැසිල් විසින් විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් පක්ෂය දැඩි තීරණයක් ගන්නා බව දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles