සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවා.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම ජාවාරම හරහා සිදු කෙරෙන බව වලේබොඩ මෙහි දී සඳහන් කර සිටියා.

තම ගිණුමෙන් මුදල් ඇදීම සම්බන්ධයෙන් කෙටි පණිවුඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව ප්‍රකාශ කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles