ගාසාවේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කරන්න ට්‍රාක්100 වසර 14ක් යාවි

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තිරයේ සුන්බුන් මෙට්‍රික් ටොන් මිලියන 37 ක් ගොඩගැසී ඇතැයි ලොදම්මාර් පවසනවා.

එම සුන්බුන් අතරට පුපුරා නොගිය බෝම්බ, පතොරොම් කොපු සහ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අතරින් පුපුරා නොගිය බෝම්බ කොතරම් තිබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි සඳහන් වෙනවා.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 34,305 ක් මියගොස් තවත් 77,293 තුවාල ලබා ඇතැයිද ලොදම්මාර් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles