නලින් හේවගේට එදිරිව නඩු දාන්න යයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ විසින් පසුගිය දා රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් කර තිබෙනවා.

ඒ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නම් පක්ෂයක් විසින්. එයින් නලින් හේවගේ හට විදෙස් ගමන් තහනමක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් එම වැඩසටහනේ සඳහන් කළ ආකාරයට 88-89 යුගයේ ස්ත්‍රී දූෂකයන්, සොරුන් ඝාතනය කර ඇත්නම් ඒ ගැන කඩිනම් විමර්ශනයක් සිදු කරන්නැයි එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles